a සහ an භාවිතය Sinhalen English Lessons 01
Lesson No:01
A / An
පළමුව ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී a හෝ an යෙදෙන ආකාරය පළමුව සලකා බලමු.
a හෝ an, නිශ්චිත එක් දෙයක් හැදින්වීමට යෙදේ. උදාහරණයක් විදියට Car කියන නාමපදය සළකමු. Car කියන නාමපදයෙන් කියවෙන්නේ 'කාරය' එහෙම
නැත්නම් 'මොටර් රිය' කියන අදහස යි. භාෂාව භාවිතා කිරීමේදී, 'කාර් එකක්', 'මොටර් රියක්' යන්න කියන්න අවශ්‍ය වුවහොත් 'a car' යනුවෙන් 'car' කියන
නාමපදය ඉදිරියෙන් 'a' යෙදිය යුතුය.
උදා; It is a car.
එය කාර් එකක්.
It is a bird.
ඌ කුරුල්ලෙක්.
අපි ඊළගට බලමු an යෙදෙන අකාර ය.
an වලින් ද a මෙන් නිශ්චිත එක් දෙයක් හැදින්වීමට යෙදුන ද ඒය ඉන් පසුව යෙදෙන වචනය ශබ්ද වීමේ ආකාරය මත රදා පවති යි.
පහත උදාහරණ බලන්න.
a car an orange
a computer an umbrella
a good person
මෙහිදී a වෙනුවට an යොදා ගන්නේ, පසුව යෙදෙන වචනය ශබ්ද වීම a, e, i, o, u යන අකුරු 5න් එකක් ශබ්ද වන ආකාරයට සිදුවන්නේ නම් ය.
එනම් a, e, i, o, u යන vowel sound වලින් පටන්ගන්නේ නම් ය.
බොහෝ විට a, e, i, o, u යන vowel අකුරු 5 න් අරම්භවන වචන සදහා an යෙදෙන අතර එතැම් විට vowel අකුරු වලින්(a, e, i, o, u) අරම්භවන සමහර වචන
වලට a යෙදේ.
ඒ වගේම, vowel අකුරු වලින් අරම්භ නොවන සමහර වචන වලට an යෙදෙන අවස්ථා ඇත.
එමනිසා වඩාත් වැදගත් වන්නේ වචනයක් ශබ්ද වන ආකාර යි.
පහත උදාහරණ බලන්න.
a European an IMF project
a WHO worker an economic plan
a United Nation peace keeping army regiment an M.Sc. degree
a Master degree
'a European' කියන වචනය e වලින් පටන්ගත්ත ද මුළු වචනය උච්චාරණය කරන විට 'Eu' පළමු අකුරු දෙක එක්ව ශබ්ද වන්නේ 'Yu'
යනුවෙනි. එමනිසා vowel අකුරකින් අරම්භ වුවද a යෙදේ.
'an M.Sc. degree' කියන වචන M වලින් පටන්ගත්ත ද උච්චාරණය කරන විට 'M' යන්න ශබ්ද වන්නේ, e අකුරෙන් අරම්භවන වන සේ
'eM' යනුවෙනි. එමනිසා 'M' vowel අකුරක් නොවුන ද 'M.Sc.' ඉදිරියෙන් an යෙදේ.
0 comments