Sinhalen English Lessons 2
Punctuation [ෆ(න්)ක්ටුඒ(ස)න්] විරාම ලකුණු
(01) Full stop
පළමුව අපි Full stop, නැවතීමේ තිත, නැත්නම් නැවතීමේ ලකුණ ගැන සළකා බලමු.
Full stop ලකුණ,
(01) We use Full stop at the end of a sentence. (වාක්‍යයක් අවසන් කිරීමේදී භාවිතා වේ.)
Eg: I went home.
Sun rises.
(02) We use Full stop at the end of an abbreviation. (කෙටි යෙදුම් සදහා)
Eg: Mr.
Mrs.
Dr.
Capt.
U.N.O.
B.C.
Prof.
(02) Capitalization
මෙහිදී,
(01) Capitalize the first letter of the word of a sentence. ( වාක්‍යයක් ආරම්භයේ දී පළමු අකුර capitalize කළ යුතුය. )
Eg: He is my father.
What is his job?
Come here!
(02) Use a capital letter for the names of people and the initials that stand for their names.
( පුද්ගල නාම හා මුලකුරු සදහා )
Eg: Saman
Kamal
Lalith M. Perera
L. M. Perera
(03) Always use a capital letter for the pronoun I. ( I <මම> වාක්‍යයක කොතැනක තිබුණත්
capital වලින්ම ලිවිය යුතුය. )
Eg: I am ten years old.
May I go.
(04) Capitalize titles of respect or abbreviations of titles when they come before the names of people.
Eg: Dr. C. Tisdell
Captain Samaranayake
(05) Use a capital letter to show family relationships.
Eg: She is my Mom.
He is my Dad.
(06) Do not use capital letters that show family realationships when they follow a possessive noun
or pronoun.
Eg: Saman's father
Ruwan's mother
Ruwan's mother is a housewife.
(07) Names of Places.
රටවල්, නගර, මහාද්වීප ආදිය වල නම් ලිවීමේදී....
Eg: Sri Lanka
Colombo
Asia
විශේෂ ස්ථාන වල නම් සදහන් කිරීමේදී....
Eg: Indian Ocean
Mahaweli
Kala Wewa
රටක පළාත් ආදිය නම් කිරීමේදී....
Eg: The North
The Uva province
Highways සහ මාවත් නම් කිරීමේදී....
Eg: School Lane
Amor Street
Highway 40
තාරකා සහ ග්‍රහලෝක නම් කිරීමේදී....
Eg: North Star
Mercury
(08) Other
අවුරුද්දේ දින, මාස හා නිවාඩු.... < note: ඍතු ලිවීමේදී capital නොකළ යුතු ය. >
Eg: Monday
December
Poya Day
fall (ඍතු/ title එකක් විදියට නොයෙදේ නම් capital නොකළ යුතු ය. )
අතීතයේ සිදු වු විශේෂ සිදුවීම්....
Eg: D-Day
Middle Ages
ඒ වගේම තවද පාසල්, Clubs, ආයතන, භාෂා,ජාතින්, පොත්,කවි, ගීත, පුද්ගල නාම කෙටි යෙදුම් ආදීය ලිවීමේදී capital භාවිතා වේ.
Eg: Sinhala
Nalanda College
Lion Club
Maga Company
Aba Yaluwo
Lankadeepa
@@@@@@@@@@@@@@